Pasidol
Sathosa Ad Final Sinhala
May 16, 2018

භූමිතෙල් සහනය : ජූනි මස සිට ප්‍රතිලාභීන්ට සෘජුවම මුදල්

පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල මැයි 10 වනදින වැඩිකිරීමෙන් අනතුරුව එදින සිට ක්‍රියාත්මක වන පරිදි එක්දින බෝට්ටු භාවිත කරන ධීවරයින් හා විදුලිය නොමැති නිවෙස් හිමියන්ටද භූමිතෙල් සඳහා පමණක් සහනාධාර ලබාදීමට රජය විසින් ගනු ලැබූ තීරණයට අනුව, ඒ සඳහා වන මුදල් ජූනි මස සිට ප්‍රතිලාභීන්ට සෘජුවම ලබාදෙනු දෙන බව මුදල් හා මාධ්‍ය අමාත්‍යංශය කියා සිටියි.

එම අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක එබව සඳහන් වේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, එම්.අලි හසන් මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

''රු. 44 ක්ව පැවැති භූමිතෙල් ලීටරයක මිල රු. 57 කින් වැඩිකරන ලද නමුත්, එම ජනතාවට භූමිතෙල් තවදුරටත් රු. 44 බැගින් ලබාගැනීමට හැකිවන පරිදි ලීටරයකට රු. 57 බැගින් සහනාධාර, එම ප්‍රතිලාභීන්ට මුදල් වශයෙන් ලබාදීමට මහා භාණ්ඩාගාරය විසින් තීරණය කර ඇත.

ඒ අනුව, 47,555 ක් පමණ වන විදුලිය නොමැති නිවාස හිමියන්හට ඔවුන්ට හිමි එම සහනාධාර මුදල ඔවුන්ගේ සමෘද්ධි මුදල් සමඟ ගෙවනු ලැබේ.

පිටත එන්ජින් සවිකරන ලද එක්දින බෝට්ටු හිමි ධීවරයන් 24,282 දෙනෙකු දිවයින පුරා සිටින බවට ගණන් බලා ඇති අතර, ධීවර අමාත්‍යාංශය විසින් එම ධීවරයන් සමඟ සාකච්ඡා කර එකඟ වන ක්‍රමවේදයකට අනුව එම සහනාධාර අදාළ පුද්ගලයන් වෙත මුදල් වශයෙන් සෘජුව නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top