Pasidol
Sathosa
May 16, 2018

ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩකයාත් මියයයි

ශ්‍රී ලංකාවේ සුහද තරග සංචාරයකට පැමිණ සිටියදී හදිසියේ ඇති වූ ස්‌වසන අපහසුතාවක්‌ නිසා කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික තවත් රග්බි ක්‍රීඩකයෙක්‌ ඊයේ (15 වැනිදා) මියගියේය.

එලෙස මියගොස්‌ ඇත්තේ 26 හැවිරිදි හාවඩ් තෝමස්‌ ඇන්ඩෲ නමැති ක්‍රීඩකයෙකි.  එම කණ්‌ඩායමේ තවත් ක්‍රීඩකයකු මේ ආකාරයෙන්ම පසුගිය 13 වැනිදා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.

 සුහද රග්බි තරගාවලියක්‌ වෙනුවෙන් පසුගිය 10 වැනිදා 22 දෙදෙනකුගෙන් යුත් බ්‍රිතාන්‍ය ජාතික රග්බි කණ්‌ඩායමක්‌ මෙරටට පැමිණ තිබිණි.

 එම තරගාවලිය පසුගිය 12 වැනිදා කොළඹ ක්‍රීඩාංගණයක පැවති අතර අනතුරුව එයට එක්‌වූ ක්‍රීඩකයන් එම ක්‍රීඩා සංකීර්ණයේ පැවති රාත්‍රි භෝ ජන සංග්‍රහයකට සහභාගි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

 අනතුරුව බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන් නැවත සිය සංචාරක හෝටලයට පැමිණ ඇති අතර ඉන් පසුව ඔවුන් කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවකට ද ගොස්‌ ඇතැයි වාර්තා වේ.

 රාත්‍රි සමාජ ශාලාවේ සිට නවාතැන්ගත් හෝටලයට පැමිණි ක්‍රීඩකයන් පිරිස අතුරින් දෙදෙනකුට හුස්‌ම ගැනීමේ අපහසුතාවක්‌ ඇතිවීම හේතුවෙන් ඉකුත් 13 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබිණි.

 එහිදී ප්‍රතිකා ලැබූ එක්‌ ක්‍රීඩකයකු පෙරේදා (14 වැනිදා) මියගිය අතර ප්‍රතිකාර ලබමින් සිටි අනෙක්‌ ක්‍රීඩකයා ඊයේ (15 වැනිදා) පස්‌වරුවේ මෙසේ මියගියේය.

 මියගිය ක්‍රීඩකයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (15 වැනිදා) සිදුකෙරුණ අතර එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක්‌ ලබාදී ඇත.

 එහි සඳහන් වී ඇත්තේ එම මරණය තුවාල සිදුවීමකින් හෝ රෝගයකින් සිදු වූ මරණයක්‌ නොවන බවයි.

 සිරුරු කොටස්‌ වැඩිදුර පරීක්‍ෂණ සඳහා රජයේ රස පරීක්‍ෂකවරයාට යොමු කිරීමට නියමිතව තිබිණි.

සබැඳි පුවත්

බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාගේ මරණයට හේතුව හෙළිවෙයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top