Pasidol
Sathosa Ad Final Sinhala
Dec 14, 2016

විදේශ ආයෝජකයන්ට එක් දින සේවයක්

හම්බන්තොට කර්මාන්ත පුරයට හා කොළඹ මූල්‍ය නගරයට ආයෝජනය සඳහා පැමිණෙන විදේශිකයන්ට අවශ්‍ය අනුමැතිය හා අදාළ පහසුකම් එක් දිනක් තුළ සැපයීමේ වැඩපිළිවෙළක් ලබන මස 02 දා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

හම්බන්තොට කර්මාන්තපුරය තුළ අවම වශයෙන් මහා පරිමාණ කර්මාන්ත ශාලා 400ක් ආරම්භ වීමට නියමිතය.

එහිදී මුල් වසර දෙක තුළ එමගින් රැකියා ලක්ෂ 2ක් බිහි කිරීම රජයේ අපේක්ෂා කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

කොළඹ මූල්‍ය නගරය සඳහා චීනය ජපානය හා ඉන්දියාව එකවර මෙහි පැමිණීමට නියමිත අතර ඊට අමතරව සිංගප්පූරුව, දකුණු කොරියාව, මලයාසියාව, හොංකොං යන රටවල් ප්‍රධාන ගනුදෙනුකරුවන් ලෙස මූල්‍ය නගරයට පැමිණීමට නියමිතය.

ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් එක් දිනක් තුළ සැපයීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් මෙරට ආයෝජනය සඳහා එන විදේශිකයන්ට මෙතරම් කඩිනමින් පහසුකම් සලසන ප්‍රථම අවස්ථාව මෙය බව ඒ මහතා පවසයි.

කොළඹ මූල්‍ය නගරය මගින් මුල් දෙවසර තුළ බිහි කිරීමට අපේක්ෂිත සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණය තුන් ලක්ෂ අසූ දහසකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top