පසුගිය 10 වැනි දින සිට 23 දක්වා සංචාරයේ යෙදෙන ඔවුන් ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා හා රැකියා ඇති කිරිමේ හැකියාව පිළිබඳව සොයා බැලීමේ නිරිතවී සිටී.
මෙහිදී ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සහයෝගිතාව ශක්තිමත් කරමින් "කෝලංකා" නමින් සමූහ ආයෝජන පෞද්ගලික සමාගමක් ආරම්භ කර ලියාපදිංචිය සඳහා යොමුකොට ඇත.
මෙරට ආයෝජනය කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ කාබනික ආහාර නිෂ්පාදනය සිදු කිරීම වන අතර ඒවා දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළට නිකුත් කිරීමය. ගොවි සංවර්ධන සමාගම් හරහා ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති මගින් හැකි පමණ රැකියා උත්පාදනය කිරීමට නියමිතය. තවද ග්‍රාමීය ආර්ථිකය පදනම් කරගත් මෙම නිෂ්පාදන ක්‍රියාවලියට දැනටමත් මල්වතු අස්ගිරි මහානායක හිමි වරුන්ගේ ආශිර්වාදය ලැබී ඇත.
ප්‍රධාන ආයෝජන අවස්ථාවන් යටතේ, කාබනික වගාව,හරිත බලශක්තිය , කර්මාන්ත හා තාක්ෂණ මෙවලම් මෙන්ම නවතම බැංකු ක්‍රම කෙරෙහිද අවධානය යොමුකර තිබේ.
මෙරට ආර්ථිකය යාවත්කාතීන කිරීම තුළින් දිගු කාලීන සංවර්ධනයක් උදෙසා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට කොරියාව ඉදිරිපත්ව තිබේ. ඒ අනුව මේ දිනවල කොරියානු ආයෝජකයින් පිරිසක් ලංකාවේ සංචාරයක නිරතව සිටී.
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362