May 19, 2018

'හිරුණිකා පක්ෂය විනාශ කරනවා' - රත්මලානෙන් චෝදනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එක්සත් ජාතික පක්ෂය විනශ කරන බව දෙහිවල ගල්කිස්‌ස එජාප හිටපු නාගරික මන්ත්‍රී විපුල ගුණතිලක මහතා පැවසීය.

රත්මලාන ආසනයේ එජාපයෙන් ඉවත් කරන ලද කොට්‌ඨාස සංවිධායකවරුන් 12 දෙනකුගේ සහභාගීත්වයෙන් රත්මලානේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ගුණතිලක මහතා මේ බව පැවසීය.

hirunika1

''රත්මලානේ අපට වූයේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ වැඩක්‌'' - සංවිධායක ධුර අහිමි වූ 12 දෙනා කියති.

'' රත්මලාන ආසනය 2015 ජනාධිපතිවරණයේදී එජාපය ඡන්ද 27000 ක්‌ ගත්තා. මහ මැතිවරණයේදී ඡන්ද 26000 කට අධික ප්‍රමාණයක්‌ අරගෙන ජයග්‍රහණය කළා. ඒ සංවිධායකවරයකු නැතිව. සංවිධායකවරියක ඉඳලා පළාත් පාලන මැතිවරණයේදී ගත්තේ ඡන්ද 17000 යි. දැන් කොට්‌ඨාස සංවිධායකවරුන් 14 දෙනාගෙන් 12 දෙනෙක්‌ම අයින් කරලා. හිරුණිකා මේ කරන්නේ පක්‍ෂය විනාශ කිරීමක්‌. අද රත්මලානේ එජාපයේ අපිට වෙලා තියෙන්නේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්ත වගේ දෙයක්‌" යෑයි ඔහු එහිදී සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top