Sathosa

May 20, 2018

"හාමුගේ ඉඩම" අවසර නැතුව UDA ය බෙදන්න හදයි ! Featured

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා විසින් බෙදාදීමට නියමිතව තිබූ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් “හාමුගේ ඉඩම්” නම් ඉඩම් කට්ටිය නාගරික සංවර්ධන අධිකාරිය මැදිහත්ව බෙදාදීමට සැලැසුම්කරණ බවට තොරතුරු වාර්තා වේ.

හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා විසින් එක් අයකුගෙන් රුපියල් ලක්ෂයක් බැගින් අයකර මෙම බිම් කොටස් බෙදාදීමට කටයුතු සූදානම් කර තිබූ බව පැවසේ.

එම ක්‍රියාවට එරෙහිව මහව ප්‍රාදේශීය සභා මන්ත්‍රී මෙන්ම මහජන සංවිධාන එකමුතුවේ ලේකම්, සී.ඩබ්ලිව්. සිරිසේන මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන්වරයා වෙත පැමිණිලි කරනු ලැබීය.
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ අනුමැතියෙන් මෙම ඉඩම් බෙදාදීමට අචිනි ලොකුබණ්ඩාර නම්, එජාප සංවිධායකවරිය සූදානම්වී ඇත්තේ ඔම්බුඩ්ස්මන්වරයා වෙත කර ඇති පැමිණිල්ලේ පරීක්ෂණද සිදු කර අවසන් නොවී තිබියදීය.
 
මෙතෙක් නිවාස සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට හෝ කටයුතු සූදානම් කර නොමැති මෙම ඉඩම අයැදුම්පත්‍ර යොමුකළ අය අතර බෙදාදීමට කටයුතු කරනු ලබනුයේ ටී.බී. අමාත්‍යවරයා විසින් මුදල් අයකරගනු ලැබූ අයැදුම්කරුවන් වෙත ඉඩම් ලබාදීම කඩිනම් කිරීමට බව ප්‍රදේශවාසීහු කියති.
 
 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top