Pasidol

Sathosa

May 20, 2018

රජයේ බදු අඩු කළොත් ඉන්ධන අඩුකළ හැකියි ! Featured

ඛණිජ තෙල් සංස්ථාව ඛණිජ තෙල් බෙදාහැරීමෙන් සිදුවන පාඩුව අවම කරගැනීම හුවා දක්වමින් මෙරට ඉන්ධන මිල ගණන් වැඩි කළ ද සංස්ථාව මේ වනවිට පැවතියාට ද වඩා පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

උදාහරණයක් ලෙස 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 දක්වා වැඩි කළ ද රජයේ අදාළ බදු මුදල් ද ගෙවමින් පෙට්‍රල් ලීටරයක් බෙදාහැරීම සඳහා ඛණිජ තෙල් සංස්ථාවට රුපියල් 150ක මුදලක් වැයවන බවත් එම නිසා අලෙවි වන සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 13ක පාඩුවක් සංස්ථාවට සිදුවන බව පැවසේ.

සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 60ක බද්දක් ආණ්ඩුව අය කරගන්නා බවත් එම බදු මුදල අඩු කළහොත් ඛණිජ තෙල් සංස්ථාවට සිදුවන පාඩුව අවම කරගැනීමට මෙන්ම පෙට්‍රල් ඩීසල් මිල ගණන් අඩු කිරීමට හැකි බවත් පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top