May 20, 2018

2019 පසළොස්වක පෝය දිනත් ගැසට් කරයි !

වසර 2019  පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැසට් පත්‍රයක්  මගින්  ප්‍රසිද්ධ කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මෙම  ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ලබන වසරේදී පෙර වසරවල මෙන්ම මැයි මාසයේදී වෙසක් පොහොයත්, ජුනි මාසයේදී පොසොන් පොහොයත් යෙදී තිබේ.
 
ඒ අනුව ලබන වසරේ පෝය දිනයන් මෙසේය.
  • ජනවාරි 20 ඉරිදා – දුරුතු පුර පසළොස්වක
  • පෙබරවාරි 19 අඟහරුවාදා – නවම් පුර පසළොස්වක
  • මාර්තු 20 බදාදා – මැදින් පුර පසළොස්වක
  • අප්‍රේල් 19 සිකුරාදා – බක් පුර පසළොස්වක
  • මැයි 18 සෙනසුරාදා – වෙසක් පුර පසළොස්වක
  • ජුනි 16 ඉරිදා – පොසොන් පුර පසළොස්වක
  • ජූලි 16 අඟහරුවාදා – ඇසළ පුර පසළොස්වක
  • අගෝස්තු 14 බදාදා – නිකිණි පුර පසළොස්වක
  • සැප්තැම්බර් 13 සිකුරාදා – බිනර පුර පසළොස්වක
  • ඔක්තෝබර් 13 ඉරිදා – වප් පුර පසළොස්වක
  • නොවැම්බර් 12 අඟහරුවාදා – ඉල් පුර පසළොස්වක
  • දෙසැම්බර් 11 බදාදා – උඳුවප් පුර පසළොස්වක

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top