Pasidol
Sathosa
May 20, 2018

කරාපිටියේ බ්‍රිතාන්‍ය දොස්තර ලෙඩෙක් මැරුවයි චෝදනාවක් !

ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සිදුකරන බ්‍රිත්‍යන්‍ය ජාතික වෛද්‍ය ආර්. කේ. ෆර්මින් අතින් පසුගිය 18 වැනිදා ශල්‍යාගර ශල්‍ය මේසය මත 69 හැවිරිදි කාන්තාවක් මියයෑම වෛද්‍ය ආචාර ධර්මයන් වලට ඉදුරාම පටහැනි බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

එම මාධ්‍ය නිවේදනය මඟන් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාල මිය ගිය කාන්තාවට බයිපාස් සැත්කමක් කරමින් සිටන අවස්ථාවේ දී ඇය මෙසේ ශල්‍ය මේසය තුලදීම මියගොස් ඇති බවයි. 

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.
 
මෙම බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයා තම මව් රටේ සැත්කම් කිරීමට තබා වෛද්‍යකර්මයේ යෙදීමටවත් අවසර නැතිව තිබියදී ගාල්ල කරාපිටිය රෝහල තුල හෘද සැත්කම් සිදුකිරීම නිසා සිදු වු අවාසනාවන්ත මරණයන් පිළිබදව මීට පෙර ද සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කරන ලදී. 
 
එහි ප්‍රතිළුලයක් ලෙස අදාල වෛද්‍යවරයාට වෛද්‍ය කර්මයේ නියැලීමට අවශ්‍ය යෝග්‍යතා සහතිකය මාස තුනක් ඇතුලත ලබා දෙන ලෙස දන්වා ඇත. 
 
එසේම ඔහු සම්බන්ධයෙන් වන පැමිණිලි විභාග කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර ඇත.
 
එකී නිර්දේශයෙන් පසු බ්‍රිත්‍යන්‍ය ජාතික වෛද්‍ය ආර්. කේ. ෆර්මින්   හා වෛද්‍ය ටී. හරිස්චන්ද්‍ර යන වෛද්‍යවරුන් දෙපලට ඇති පැමිණිලි විභාග කර එහි වාර්තාවක් තමාට ඉදිරිපත් කරන ලෙස ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර ඇත.
 
මෙවැනි තත්වයක් යටතේ පසුගිය 18 වැනිදා 69 වියැති කාන්තාවක් බයිපාස් සැත්කමක් සිදුකරමින් සිටින විට ශ්‍යල්‍යාගාරය තුල ශල්‍ය මේසය මත දීම  මියගොස් තිබෙනවා. තම සුදුසුකම් තහවුරු කිරීමට සහන කාලයක් ලබා දී තිබිය දී මෙලෙස රෝගී ජීවිත අනතුරේ හෙලීම වෛද්‍ය ආචාර ධර්මයන් වලට ඉදුරාම පටහැනි ක්‍රියාවක් බව අපගේ අදහසයි. 
 
කෙසේ නමුත් මොහුට විරුද්ධව ලබා දී පැමිණිල්ල අනුව රෝහල විසින් මෙතෙක් පරීක්ෂණය ආරම්භ කර නොමැති නිසා එම පරීක්ෂනය කඩිනමින් ආරම්භ කරන ලෙසටත් එම විමර්ෂණ කටයුතු අවසාන වන තෙක් රෝගී ජීවිත වල සුරක්ෂිත තාව සුරකිණු පිණිස අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් එසේ නොවන්නේ නම් අහිමි වන රෝගී ජීවිත වල වගකීම රෝහල් අධ්‍යක්ෂක තුමන් විසින් ගත යුතු බව අප දැඩිව අවධාරනය කර සිටන බව ඔවුන් නිකුත් කර නිවේදනයේ දැක් වෙයි.
 
කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතගෙන් කළ විමසීමකදී ඇය මෙසේ කියා සිටියාය.
 
“ මේ පරීක්ෂණය භාර දීලා තියෙන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාට. ඔහු මේ දින වල විදේශ ගත වෙලා හිටියේ. කොහොමවුණත් ඔහු ඉරිදා පැමිණෙනවා. 21 සදුදා සිට පසුගිය 18 වැනිදා මියගිය පුද්ගලයාගේ සහ ඊට පෙර මාසයක පමණ කාලයක දී මියගිය පුද්ගලයින් දෙදෙනාම ගැන පරීක්ෂනය ආරම්භ කරනවා. බ්‍රිත්‍යන්‍ය ජාතික වෛද්‍ය ආර්. කේ. ෆර්මින් මහතාට අවසරය දීලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්. මොනවා වුනත් ඔහුගේ වාර්තා ඉදිරිපත් කිරීමට ඔහුට මාස තුනක කාලයක් ලබා දී තියනවා. ඒ කාලය තුල සැත්කම් නවත්වන්න කියලා අමාත්‍යංශයෙන් කියලා නෑ.”
 
සුනෙත් ගාල්ලගේ - ගාල්ල වාර්තාකරු
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top