Pasidol
Sathosa
May 20, 2018

සැප්තැම්බරයේ රනිල් එළවීම අලුත් එකද ? Featured

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ ඇති වගන්ති කීපයක් ප්‍රයෝජනයට ගනිමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එජාපයේ මැති ඇමැතිවරු පිරිසක් සූදානම් වන බව ලක්බිම පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත්පත පෙන්වාදෙන්නේ 2012 වසරේ සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයට පත්ව ඇත්තේ වසර හයක කාලයකට බවයි.

ඒ අනුව එළඹෙන සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයේ ධුර කාලය අවසන් වන බවද ඔවුහු පෙන්වා දෙති.
 
එළඹෙන සැප්තැම්බර් මාසයේදී රනිල් වික්‍රමසිංහව නැවත නායකත්වයට පත් නොකිරීමට පක්ෂයේ කාත්‍යාධිකාරී මණ්ඩල එකඟ කර ගැනීම සඳහා එම මැති ඇමැතිවරු පිරිස මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවද එහි දැක්වේ.
 
ඉන්පසු පක්ෂ නිල වරණයේදී රනිල් වික්‍රමසිංහ වෙනුවට පක්ෂයේ නායකත්වය සඳහා වෙනත් කෙනෙකු නම් කිරීම අරමුණ බවද ලක්බිම වාර්තා කරයි.
 
ලක්බිම තිලංගගේ ද ?
 
නියෝජ්‍ය කතානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු කමිටු සභාපති තිලංග සුමතිපාල මහතා ලක්බිම පුවත්පතේ හිමිකරු බව පැවසුනද, නිල වශයෙන් ඔහු එහි හිමිකරු ලෙස පෙනී නොසිටී.
 
පසුගියදා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය කරලියට පැමිණි අවස්ථාවේදී ද සුමතිපාල මහතා ඔහු අදාළ ධූරයෙන් ඉවත් කිරීමේ සටනේ පෙරමුණ ගෙන කටයුතු කළේය.
 
අවසානයේ අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගය ජයගත් අතර යහපාලන ආණ්ඩුවේ සිටිමින් එම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිපයේ 16 දෙනෙකුට විපක්ෂයේ අසුන් ගැනීමට ද සිදු විය.
 
පසුපෙළේ අවුලක්
 
කෙසේවුවද,  විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය ලබා ගැනීමේදී අග්‍රාමාත්‍යවරයා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබාදුන් පොරොන්දු ලබානොදුන් බවට කසුකුසුවක් ඇති බව එජාප ප්‍රබලයෙකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top