May 21, 2018

කැළණි ගඟ දෙපස ජනතාවට අවදානමක්

පවතින අධික වැසි හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම දැරණියගල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලින් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා කැළණි ගඟේ සහ ඊට සම්බන්ධ අතු ගංගා දෙපස පහත් බිම්වල වාසය කරන ජනතාව ගංවතුර තත්ත්වය පිළිබදව දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

වැසි හේතුවෙන් කුකුළේ ගඟේ ජලාශයේ වාන්දොරටු 3 ක් විවෘත කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ද මේ වනවිට පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

ඇල්පිටිය - අලුත්ගම මාර්ගය මිරිස්වත්ත ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවද වාර්තාවේ.

මේ අතර, පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර - යාපනය ඒ - 9 මාර්ගය අලවතුගොඩ - 8 කණුව ප්‍රදේශයෙන් ගිලා බැසීම හේතුවෙන් එම ස්ථානයේ වාහන ගමනාගමනය එක් මං තීරුවකට පමණක් සීමා කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top