May 21, 2018

මහින්ද “රිවිර”ට කළු සල්ලි ඇති මෝරෙක් සොයයි !

රිවිර පුවත්පතට අද (21) දිනට වසර 12ක් පිරෙන අතර අද වන විට එහි දිනපතා පුවත්පතේ මුද්‍රණය අත්හිටුවා මසක්ද, ඉරිදා පුවත්පත මුද්‍රණය අත්හිටුවා සති තුනක්ද වන බව වාර්තා වේ.

මීට පෙර එම පුවත්පත මුද්‍රණය කිරීම අත්හිටවූ අවස්ථාවේදී ඒ සඳහා මුදල් යෙදවීමට රාජපක්ෂ පවුලේ අයකු හා රත්වත්තේ පවුලේ අයකු ඉදිරිපත්ව ඒ සඳහා අලුත් ස්ථානයක් හා අලුත් කාර්ය මණ්ඩලයක්ද සමඟ නැවත ආරම්භ කළේය.

කෙසේවුවද, එසේ ඇරඹි රිවිර මාස කිහිපයකට වඩා වැඩි කාලයක් මුද්‍රණය නොවුණි.

මේ අවනඩුව කීමට රිවිරේ කර්තෘ මණ්ඩලය පසුගිය දිනක හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට ඔහුගේ විජේරාම පිහිටි නිවසට ගොස් තිබේ.

මුලින් අදාළ පිරිස මඟ හැරීමට හිටපු ජනපතිවරයා උත්සාහ කර ඇති අතර පසුව අදාළ පිරිසට එහි වූ සේවකයකුගේ සහයෙන් මහින්ද මහතා මුණ ගැසීමට හැකිව ඇත.

ඒ අවස්ථාවේදී හිටපු ජනපතිවරයා පවසා ඇත්තේ “රිවිර නැවත ආරම්භ කිරීමට නම් කළු සල්ලි ඇති මෝරකු සොයාගත යතු බවයි.”

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top