Pasidol

Sathosa

May 21, 2018

විපතට පත් අයට සහන සලසන්නැයි ජනපතිගෙන් නියෝගයක් !

අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසත්, රජයෙන් ලබා දිය යුතු සියලු සහන පිළිබඳ සොයා බලමින්, සියලු පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන් බවයි.

ජල ගැලීම් හේතුවෙන්, විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති අතර ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා සියලු පාර්ශවයන් දැනුවත් කර ඇත.
 
මරණ 7ක් 
 
අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් තිබේ.
 
අවතැන් වූ පුද්ගලයින් 1000 කට අධික සංඛාවක් ආරක්ෂිත ස්ථන 30 ක රඳවා ඇති අතර පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසකට පීඩාවට පත් ව ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top