Pasidol
Sathosa Ad Final Sinhala
May 21, 2018

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම ශක්ති බදුල්ලේ (ඡායා)

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් යන දෙපාර්ශ්වයම මීට එක්ව සිටි අතර, ඌව පළාතේ ජනතාව මුහුණදී සිටින ගැටලූ සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ගැනුණි.

බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහා ග්‍රාමශක්ති ව්‍යාපාරය වෙනුවෙන් රජය ලබාදෙන මුදල්වල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කය සදහා රුපියල් මිලියන 22.5 ක් ද මොණාරගල දිස්ත්‍රික්ක සදහා රුපියල් මිලියන 16.5 ක් ලබාදීම සිදු කෙරිණි.
 
මල් වගාකරුවන්ට ගිවිසුමක් !
 
මේ අතර, ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (21) සිදුවිය.
 
මල් වගාකරුවන්ට ගැටලූවක්ව පැවති ස්ථාවර මිලක් සහ නව වෙළෙදපොළක් සොයා ගැනීමට මෙම ගිවිසුම මගින් හේලීස් සමාගම ඉදිරිපත්ව ඇත.
 
මෙම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ජනපතිවරයා ඉදිරියේදීය.
 
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරින් ප්‍රනාන්දු, ඩිලාන් පෙරේරා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනයක, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ පළාත් සහ ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයින් ද, පළාතේ රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
MS Badulla 1
 
MS Badulla 2
 
MS Badulla 3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top