nsb
Sathosa

ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ 2025 දැක්ම' (V 2025) ආර්ථික සැලසුමේ කාබන් කොපියක් - ඇමති මලික් සමරවික්‍රම  ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ 2025 දැක්ම' (V 2025) ආර්ථික සැලසුමේ කාබන් කොපියක් - ඇමති මලික් සමරවික්‍රම 
May 22, 2018

ගෝඨාගේ ‘වියත් මඟ’ දේශනය UNP කාබන් කොපියක් !

 පසුගිය දිනක කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත් මඟ නම් සංවිධානයේ සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ 2025 දැක්ම' (V 2025) ආර්ථික සැලසුමේ කාබන් කොපියක් බව එජාප හිටපු සභාපති, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.
 
එහි එකම වෙනස වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අමතර වසර පහක් ඉල්ලා තිබීම පමණක් බවද ඇමතිවරයා කියා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාව අසාමාන්‍ය ලෙස උත්කර්ෂයට නැංවීමට සමහරු කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇති බවත් එය බොහෝ දෙනා තුළ එදින අලුත් යමක් සිදු වෙතැයි බලාපොරොත්තුව ඇති කළත් කාරණා කිහිපය එකින් එක ගෙන බැලූ විට මෙහි සැබැවින්ම වෙනසක් සිදු වී නොමැති බවත් පවසන අමාත්‍යවරයා, තවදුරටත් මෙසේද කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති:
'මෙහිදී වඩාත් සිත්ගන්නාසුලු ප්‍රකාශය බවට පත්ව ඇත්තේ 'ශ්‍රී ලංකාවට සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් අවශ්‍ය' බව ගෝඨාභය රාජපක්ෂ මහතා තම කතාව අතරතුරදී ප්‍රකාශ කිරීමය. මෙය 100%ක්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ කාරණයක් වන අතර මේ වචනවලින් අගමැතිවරයා බොහෝ වතාවක් එය පවසා තිබේ.

සාම්ප්‍රදායික ආර්ථිකය වෙනස් කිරීමේ කටයුත්ත වෙනුවෙන් වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටියදී එම වෙනසේ අවශ්‍යතාව සහ එලෙස වෙනස් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් අපගේ අවස්ථාවන් ගිලිහී යා හැකි බව ඔහු පැවැසීම විහිළු සහගතය.

ආණ්ඩුවේ ව්‍යාපෘති එම වචනවලින්ම කිවූ ගෝඨා :
රජයේ මුදල් නව කර්මාන්ත ආරම්භ කිරීමට යොදවනවා නම් ඒවා ලාභදායී විය යුතු බවත් ඒවා ලාභදායී ලෙස කළමනාකරණය කළ යුතු බවද ගෝඨාභය පැවැසීම පුදුම සහගතය. 

මිහින් ලංකා, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ වැනි විශාල වශයෙන් අලාභ ලැබූ ආයතන, රටට කෙතරම් ගැටලු ඇති කර ඇත්ද යන්න ඔහු නොදන්නවා විය නොහැකිය. 

මේ සියල්ල සමඟ බලන විට වියත් මඟ යැයි පවසන සමුළුවක් හරහා ගෝඨාභය සැබැවින්ම සිදු කර ඇත්තේ පවතින ආණ්ඩුවේ ව්‍යාපෘති එම වචනවලින්ම සහ සමාන තේරුම් ඇති වෙනත් වචනවලින්ම යළිත් ඉදිරිපත් කිරීම මිසක් අන් කිසිවක් නොවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top