May 24, 2018

දියවන්නාවේ වතුර වැඩිවී පාර්ලිමේන්තුවට කිඹුල් බියක්

ඉදිරි දිනවල වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයත් ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු බලධාරීහු පවසති.

මේ වන විට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවතින බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේතු පොලිසියේ නිලධාරියකු පැවසුවේ එවැනි ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සියලු දේ සුදානම් කර තිබෙන බවයි.

නිරන්තර විමසිල්ලෙන් සිටීමට විශේෂ කණ්ඩායමක් යෙදවූ බවද එම නිලධාරීයා කීවේය.

දියවන්නා ඔයේ ජල මට්ටම ගැන නාවික අංශ නිලධාරීහු ද මේ දිනවල අවධානයෙන් පසුවෙති. ගංවතුර සමඟ දියවන්නා ඔයේ කිඹුල් බියක්ද ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහූ කියති.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top