Pasidol
Sathosa
May 24, 2018

යාපනේට සෘජු තීන්දු දුන් ඉලන්චේලියන් ත්‍රිකුණාමලයට

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා එළැඹෙන 28 වැනිදා සිට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු ලෙස ස්ථාන මාරුවීමක් ලබා යාමට නියමිත බැවින් ඒ මහතා වෙත ගෞරවය පිරිනැමීමේ උත්සවයක් යාපනය මහාධිකරණයේදී පැවැත්විණ.

ඉලන්චේලියන් මහතා පසුගිය 2015 ජුනි මස 01 වැනිදා සිට යාපනය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරනු ලැබීය.

ඉලන්චේලියන් මහතා මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළ අවධියේ සිදුකළ සේවාව අගයමින් යාපනය අධිකරණ සංකීර්ණයේ විනිසුරුවරුන් හා නීතිඥවරුන් ඉලන්චේලියන් මහතා වෙත උපහාර දැක්වීම එහිදි සිදුකළහ.

ඒ මහතා යාපනය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරනු ලැබු අවධියේ සමූහ දූෂණයට ලක්ව ඝාතනය වු ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ චුදිතයින් වෙත දඩුවම් ලබාදීම, යාපනය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම වෙනුවෙන් තීන්දු තීරණ දීම, යාපනය ප්‍රදේශයේ  බිලි පූජා පැවැත්වු කෝවිල් තුළ බිලි පූජා නැවැත්වීමට නියෝග ලබාදීම වැනි තීන්දු තීරණ රැසක් ගනු ලැබීය.

විනිසුරු ඉලන්චේලියන් මහතා යාපනය මහාධිකරණ විනිසුරු ලෙස සේවය කරන අවස්ථාවේ පසුගිය වර්ෂයේ යාපනය නල්ලූර් කෝවිල අසළදී විනිසුරුවරයා ‍ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වු අතර, එහිදි විනිසුරුවරයාගේ ආරක්ෂක නිළධාරි පොලිස් සැරයන්වරයා ජිවිතක්ෂයට පත්විණ.

මෙම උත්සවයට යාපනය ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරන්, යාපනය නීතිඥවරුන්, යාපනය මහාධිකරණ නිළධාරීන් සියළුදෙනා එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top