Sathosa

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මහලේකම්ට බාර දෙයි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මහලේකම්ට බාර දෙයි
May 26, 2018

'20 ගැන කියන්න' : ජවිපෙන් මෛත්‍රිට-රනිල්ට අභියෝගයක් ! Featured

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන සිය ස්ථාවරය හැකි නම් රටට හෙළිකරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අභියෝගයක් කරයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විසිවන ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාව ඊයේ (25) පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කථානායක කාර්යාලයේදී කථානායක කරු ජයසූරිය මහතාට භාර දීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඉහත අභියෝගය කරන බව පැවැසීය.

මේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාව මුලින්ම නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර එහි උපදෙස් අනුව ගැසට් කර අදාළ අමාත්‍යාංශයට යොමුකොට ඉන්පසුව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිත බවත් ආණ්ඩුවට අවංක වුවමනාවක් තිබෙනවා නම් මේ යෝජනාව විවාද කොට මාස 3ක් ඇතුළත සම්මත කරගත හැකි බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ප්‍රසිද්ධියේ රටට දුන් ප්‍රතිඥාවක් !

Maduluwawetero funaral

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා” – ජනපති සෝභිත හිමි දේහය ඉදිරිපිට සපථ කරයි

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් ප්‍රසිද්ධියේ රටට ප්‍රතිඥාවක් ලබාදුන් බවත් එය දැන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා වී තිබෙන බවත් ඒ මහතා පැවැසීය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ප්‍රකාශ කර තිබෙන නිසා මෙම යෝජනාවට විරුද්ධ වීමට ඔහුටද නොහැකි බව දිසානායක මහතා සඳහන් කළේය.

මේ පිළිබඳව ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ආර්. සම්පන්දන් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නායකයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ධුරය සුරුවමක්‌ ලෙස වන්දනාමාන කරන ත්‍රාඩයන් සමඟ විසි වන ව්‍යවස්‌ථා සංශෝධනය ගැන සාකච්ඡා කර ඵලක්‌ නැතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top