Connect with us

පුවත්

12 වැනි ETCA සාකච්ඡා වටයත් අවසන්

Published

on

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර් 30වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කොළඹ දී පැවැත්විණි.

මෙරට පවතින ප්‍රධාන අපනයන වෙළෙඳපොළ ආරක්ෂා කර ප්‍රවර්ධනය කරමින් අපනයන විවිධාංගීකරණය සඳහා ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් සමඟ ඒකාබද්ධ වීම ශ්‍රී ලංකා රජයේ දැක්මයි. මෙරට ආර්ථිකය නඟා සිටුවමින්  ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ගෝලීය වටිනාකම් දාමය හරහා ප්‍රධාන පාර්ශවයන් සමඟ සම්බන්ධවීම  වත්මන් රජයේ අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික හවුල්කාරීත්වය වෙළඳාම සහ ආයෝජන යන දෙඅංශයෙන්ම දෙරටේ ආර්ථික වර්ධනයට ඉවහල් වේ. ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින්, 2023 ජූලි 29 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ETCA පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට දෙරටේම රාජ්‍ය නායකයෝ එකඟ වූහ.

ඒ අනුව ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන සාකච්ඡාකරු සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම ලේකම් ශ්‍රී අනන්ත් ස්වරූප් මහතා ප්‍රමුඛ ඉන්දීය නිලධාරීන් 19 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ මෙම විස්තීර්ණ ගිවිසුම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, වාණිජ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආයෝජන මණ්ඩලය නියෝජනය කරන ශ්‍රී ලංකා සාකච්ඡා කණ්ඩායම, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු කේ.ජේ. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික වෙළඳ සාකච්ඡා කමිටුව (NTNC), විසින් මෙම සාකච්ඡා මෙහෙයවනු ලැබීය.

භාණ්ඩ, සේවා, මූලාරම්භයේ රීති, වෙළඳ ප්‍රතිකර්ම, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළඳ පහසුකම් සැපයීම, වෙළඳාමට ඇති තාක්ෂණික බාධා, සනීපාරක්ෂක හා ශාක සනීපාරක්‍ෂක පියවර, නීතිමය සහ ආයතනික කටයුතු යන අංශ සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි.  එසේම, ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම (ISFTA) ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විශේෂ සැසියක් ද පැවැත්විණි.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

තැපැල් පෙට්ටිය මාලිමාවට හැරෙයි

Published

on

By

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එම පක්ෂයේ ඊයේ (22) රැස්වූ විධායක සභාව මෙම තීරණය ගත් බව පක්ෂ නායක ප්‍රභා ගනේෂන් මහතා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, විපක්ෂනායකවරයා මෙන්ම ජනාධිපතිවරයාද තම පක්ෂයට ආරාධනා කර තිබූ බවයි.

කෙසේනමුත් කොළඹ මහ නගර සභාව තුළ සිටින ජනතාවට සේවය කිරීමට තම පක්ෂයට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමග එක්ව එම කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමේ සිය සහයෝගය ලබාදීමට තීරණය කළ හෙතෙම පැවසීය

Continue Reading

පුවත්

රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවා, තුන් මාසෙකට කමිටුවක් පත් කරයි

Published

on

By

ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (22) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, නිර්දේශිත ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා, සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර, එහි සභාපති ලෙස කටයුතු කරන්නේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතායි.

දින 90 ක් තුළ නව නිලධාරීන් පත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

Continue Reading

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved