වීඩියෝව බලන්න
අපිටත් හරි හමන් උත්තරයක් නැහැ
මේ අතර නව සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසන්නේ, නාවික හමුදාපතිවරයා විසින් හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට පහරදීම නිසා ‘ආණ්ඩුවට කඬේ යන අපිටත් රටට කියන්න හරි හමන් උත්තරයක් හදාගන්න’ බැරි වී ඇති බවයි.
වීඩියෝව බලන්න
පයිලට් කරද්දි අදින නිල ඇදුම :
හම්බන්තොට වරාය විරෝධතාවයේදී පහර කෑමකට ලක් වූ බව කියන මාධ්‍යවේදියා විසින් හමුදා රහස් පටිගත කිරීමක් සිදු කර ඇති බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
එහිදී නාවික හමුදාපතිවරයා සිදු කර ඇත්තේ අදාල මාධ්‍යවේදියාට එය සිදු නොකරන ලෙස දන්වමින් ආරක්ෂක වලල්ලෙන් එලියට ගෙන යාම බවද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඇමති ෆොන්සේකා කියා සිටියේය.
එම සිදුවීම පිටිතින් බලන්නනෙකුට පෙනෙන්නේ බෙල්ල මිරීකීමක්, තල්ලූ කිරීමක් ලෙස බවද කී ෆොන්සේකා මහතා නාවික හමුදාපතිවරයා පහර දීමක් සිදු කර ඇති බවට වාර්තා නැති බවද පැවසීය.
නැවු නිදහස් කර ගැනීමේදී ‘පයිලට්’ කිරීම නම් රාජකාරියක් කිරීමට සිදුවන බවත් එසේ කල හැකි නිලධාරීන් මෙරට සිටින්නේ දෙදෙනෙකු බවත් නාවුක හමුදාපති ඉන් එක් අයෙක් බවත් ඇමතිවරයා සදහන් කරයි.
නිල් පාට ටී ෂර්ට් එක හා කොට කලිසම පයිලට් කරද්දි අදින නිල ඇදුම බවද ඔහු එහිදී වැඩි දුරටත් කීය.
වීඩියෝ