May 28, 2018

හිටපු ඇමති ටී.බී. FCID යට කැඳවීමේ ඇත්ත කතාව

අමාත්‍යවරයකුව සිටියදී රජයේ වාහනයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා අද (28) පෙරවරු 10.00ට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) ය වෙත පැමිණින ලෙස පසුගියදා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතාට දැනුම්දීමක් කර තිබේ.

විපක්ෂය පවසන්නේ මෙය ඔහු ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා සිදුකරනු ලබන පලිගැනීමක් බවයි. ඇමතිවරයා එම වාහනය පන්සලක පැවැත්වෙන පෙරහරක සංවිධාන කටයුතු සඳහා ලබා දී ඇති බව ඔවුන් කියා සිටිති.

'ශ්‍රී ලංකා මිරර්' මේ සම්බන්ධයෙන්  FCID යේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කල විමසීමකදී පැවසුයේ, හිටපු අමාත්‍යවරයා රජයේ වාහනයක් අවභාවිතා කල බවට ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම කට උත්තරය ලබාගැනීම යන බවයි.

අමත්‍යවරයකුට නිල වශයෙන් යොදාගත හැක්කේ වාහන 03ක් පමණක් නමුත් ඒකනායක ඇමතිවරයා වාහන 04 පාවිච්චි කල බවට එම පැමිණිල්ලේ සඳහන්ව තිබී ඇත.

ඒකනායක මන්ත්‍රීවරයා එක් වාහනයක් පන්සලක පැවැත්වෙන පෙරහරක සංවිධාන කටයුතු සඳහා ලබා දී ඇති බවට සිදු කෙරෙන ප්‍රකාශයන්හි කිසිඳු සත්‍යයක් නොමැති බව ද FCID නිලධාරියා අවධාරණය කර සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top