Pasidol
Sathosa Ad Final Sinhala
Dec 15, 2016

මාධ්‍ය විරෝධයට නාවික හමුදාව සීරුවෙන් Featured

නාවික හමුදාපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව අද (15දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවැත්වෙන මාධ්‍යවේදීන්ගේ විරෝධතාවයට නාවික හමුදාව සීරුවෙන් තබා ඇතැයි නාවික හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

ඒ අනුව අද පෙරවරුවේ චැතම් පාරේ නවතා තිබූ රථවාහන සියල්ලද නාවික හමුදා නිලධාරීන් විසින් ඉවත් කර තිබේ.

මෙම විරෝධතාවය මෙහෙයවන මාධ්‍යවේදීන් අතර සිටින ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මාධ්‍යවේදීන් පිරිසක් නාවික හමුදා මූලස්ථානය වැටලීමට උත්සාහ ගනිමින් සිටින බව නාවික හමුදා බුද්ධි අංශ වලට වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මේ අතර දකුණේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මාධ්‍යවේදීන් කොළඹට රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් ද සපයා තිබූ බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top