May 29, 2018

අයිතිකාරයෝ නැති කාර් දෙකක් යක්කල (වීඩියෝ)

යක්කල, බැලුම්මහර ගොඩගෙදර පන්සල පාරේ තිබි ව්‍යාජ අංක තහඩු යෙදු හයිබ්‍රිඩ් මොටර් රථ 2 ක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, මෝටර් රථ දෙකේ අයිතිකරුවන් මෙතෙක් සොයා ගෙන නොමැති බවයි.

එක් මෝටර් රථයක් නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇතත් මේ වන තෙක් ඔහු සොයා ගැනීමට පොලීසියට නොහැකි විය.

අනෙක් මෝටර් රථය කොහුවල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඉන් අනතුරුව පොලීසිය කොහුවල ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවේදී යක්කලින් සෙයා ගත් මෝටර් රථයේ අංකයට සමාන ලියාපදිංචිය සහිත මෝටර් රථයක් සොයා ගෙන තිබේ.

(වීඩියෝ අනුග්‍රහය - නිවුස්ෆස්ට්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top