හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර වෙනුවෙන් බලෙන්  පෙනී ඉඳලා ;  ''අයිති නැති නඩුවලට බලෙන් පෙනී සිටින්න එපා'' - විනිසුරු කියයි හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර වෙනුවෙන් බලෙන්  පෙනී ඉඳලා ;  ''අයිති නැති නඩුවලට බලෙන් පෙනී සිටින්න එපා'' - විනිසුරු කියයි
May 30, 2018

නීතීඥ අජිත් ප්‍රසන්නට අධිකරණයෙන් දැඩි අවවාද !

තමන්ට අයිති නැති නඩු විභාග සඳහා බලෙන් පෙනී නොසිටින ලෙස නීතීඥ අජිත් ප්‍රසන්න මහතාට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විසින් දැඩි ලෙස අවවාද කර තිබේ. 

ඒ, 'ද නේශන්' පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධහිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා අද (30) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. 

නීතීඥ අජිත් ප්‍රසන්න යනු තමන් 'රණවිරුවකු' වශයෙන් පෙනී සිටිමින් තමන්ට අදාළ නොවන නඩු විභාගවලට බලෙන් පෙනී සිටින පුද්ගලයෙකි. ඔහු අමල් කරුණාසේකර සම්බන්ධ නඩු විභාගයේදී ද මෙසේ බලෙන් පෙනී සිට බරපතළ දේශනයක් ඉදිරිපත් කර තිබිණි. 

රහස් පොලීසිය මේ සම්බන්ධයෙන් අමල් කරුණාසේකර මහතාගෙන් කට උත්තරයක් ලබා ගැනීමට ගොස් ඇති අතර එහිදී අමල් කරුණාසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් අජිත් ප්‍රසන්නව නොදන්නා බවත් ඔහුගේ සේවය ඉල්ලා නොමැති බවත් ය. 

අජිත් ප්‍රසන්න රණවිරුවකු වශයෙන් පෙනී සිටිමින් එතැන රඟපාන බවත් එවන් අයකුගෙන් සේවය ලබා ගැනීමට තමන්ට අවශ්‍ය නොමැති බවත් අමල් කරුණාසේකර මහතා රහස් පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත. 

අද දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය නීතීඥ අජිත් ප්‍රසන්න මහතාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඔහුව දෝෂාරෝපණයට ලක් කර ඇති අතර තමන්ට අයිති නැති නඩු සඳහා බලෙන් පෙනී නොසිටින ලෙස දැඩි ලෙස අවවාද කර තිබේ. 

(මුලාශ්‍රය - ලංකා නිව්ස් වෙබ්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top