Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 15, 2016

ලංකාවේ හදන ලොකුම ගොඩනැගිල්ල මෙන්න

දැනට ලංකාවේ ඇති උසම ගොඩනැල්ල ලෝක වෙළඳ මධ්‍යස්ථානය වූවත් ඊට වඩා උස තවත් විශාල ගොඩනැගිල්ලක් ලබන වසරේ (2017) ඉදිවීමට නියමිතය.

WCC එහෙමත් නැත්නම් World Capital Centre යනුවෙන් මෙම ගොඩනැගිල්ල නම් කිරීමට සූදානම්ව පවතී,

WCC ගොඩනැගිල්ලේ උස මීටර් 625 ක් වන අතර ලෝකයේ උසම ගොඩනැගිලි අතරින් 9 වන ස්ථානයට පත් වීමට ද සුදානම්ය. දැනට ලංකාවෙ උසම ගොඩනැගිල්ල වන ලෝක වෙළද මධ්‍යස්ථානයෙ උස මීටර් 152 කි.

WCC ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය 800,000 ක් වන අතර කුළුණක් වශයෙන් ගත් කල ලොව විශාලතම වර්ගඅඩි ප්‍රමාණය සහිත ගොඩනැගිල්ල ද වන්නේ WCC ගොඩනැගිල්ලයි.

මුළු කොළඹ නගරයහා මුහුද ඉතා අලංකාවත් ලෙස නැරඹිය හැකි ලෙස ඉදිවෙන මේ WCC කුළුණ තරු හතේ හෝටලයක්,නේවාසික කළාප වගේම සාප්පු සංකීර්ණ ඇතුළු ආර්ථික කේන්ද්‍රස්ථානයකට අවශ්‍ය හැම පහසුකමකින්ම සමන්විත වේ. බැංකු,අධ්‍යාපනික ආයතන,නිමි ඇදුම්,සම්මන්ත්‍රණ ශාලා,විනෝදාස්වාදය වැනි තේමාවන්ට අනුව කළාප 50 කට වෙන් කර ඇති අතර සාප්පු 3000 ක් සහිත ලංකාවෙ ලොකුම වෙළද මධ්‍යස්ථානය ද ඉදිවේ.

ලංකාවෙ අභිමානය ලෝකයට කියාපාන ලංකාව කිව්ව ගමන් ලෝකෙ ඕනම කෙනෙකුට මතක් වෙන ආකාරයේ අපූරු හැඩයකින් මෙය නිර්මාණය වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top