ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ කෑගල්ල උඳුගොඩ බෝගල ඇහැඹිලියාවක පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ නිදන් වස්තු තැන්පත් කිරීමෙන් හා කොත නිරාවරණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
''මේ ආණ්ඩුව බලයට පත්වුණු දවසේ ඉඳලා කරන්නේ රාජපක්ෂවරුන්ට බනින එක විතරයි. ඒකනම් හරියටම කරනවා. වෙන කිසිම ඵල ප්‍රයෝජන වෙන වැඩක් ජනතාවට කරලා නැහැ. වැඩක් කරලා තියෙනවා නම් ඒක රටේ ජනතාව දන්නවා'' යයි හෙතෙම එහිදී කියා සිටියේය.
ජනාධිපතිවරණයට එන රාජපක්ෂ කව්ද ?
''2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයා හැටියට රාජපක්ෂවරුන්ගේ නම් එක එක්කෙනා විවිධ අවස්ථාවලදී විවිධාකාරයට පෙන්නුම් කරනවා. නමුත් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට රාජපක්ෂවරුන් ගෙන් එන්නෙ කවුද කියලා තාම තීරණයක් අරගෙන නැහැ.
නමුත් ජනතාව රාජපක්ෂවරු පිළිබඳ ලොකු බලාපොරොත්තුවකින් පසුවෙනවා. මැතිවරණයට තරග කරන්නෙ කවුද කියලා වෙලාව ආවම රටේ ජනතාවට අප ප්‍රකාශ කර සිටිනවා'' යැයි හිටපු කථානායකවරයා පැවැසීය.''ජනාධිපති අපේක්ෂකත්වයට චමල් හොදයි'' - වාසුදේව නානායක්කාර
මේ අතර පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒකාබද්ධයේ නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුයේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට නොගැලපෙන බවත් ඔහුට ජනාධිපති අපේක්ෂකයෙක් වී ජය ගත නොහැකි බවත්ය.
එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් “ජනාධිපතිවරණයක් පවත්වන්නම සිද්ධ වුනොත් අපේ පැත්තෙන් චමල් හොඳයි කියලයි මගේ අදහස” යනුවෙන් ඔහු සඳහන් කර සිටියේය.
ගොඨාභය රාජපක්ෂ මහතා මිලිටරි නායකයෙකු බවත් එවැනි පුද්ගලයෙකු රාජ්‍ය නායකයා වීම සුදුසු නැති බවත් වාසුදේව නානායක්කාර මහතා එහිදී අවධාරණය කළේය.