Jun 02, 2018

ශ්‍රීලනිපයේ ඉදිරිය ගැන තීරණාත්මක තීරණ හෙට !

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් තාවකාලික නිලධාරී මණ්‌ඩලයක්‌ හරහා පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ආණ්‌ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ ප්‍රකාශකයකු වන හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවැසීය.

බොහෝ දුරට පක්‍ෂයේ පරිණතයන්ට මුල් තැන දෙමින් පක්‍ෂය ගොඩනැගිය යුතු ආකාරය පිළිබඳව තීන්දු තීරණ හෙට (03දා) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණයක්‌ ගනු ඇතැයිද හිටපු ඇමැතිවරයා නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

පක්‍ෂ ව්‍යවස්‌ථාව අනුව නිදහස්‌ පක්‍ෂයේ සභාපති හැර අනිකුත් පක්‍ෂයේ තනතුරුවලින් පුද්ගලයන් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාවට බලය හිමි බවත් ඒ අනුව පක්‍ෂයේ ඉදිරි පැවැත්ම සඳහා එදින ජනාධිපතිවරයා විසින් වැදගත් තීන්දු තීරණ ගන්නා බවට තමන්ට විශ්වාස බවත් හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top