Sathosa

ගෝඨාභයගේ වියත්මග ආර්ථික දර්ශනය UNP කාබන් කොපියක් බවට චෝදනා ... ගෝඨාභයගේ වියත්මග ආර්ථික දර්ශනය UNP කාබන් කොපියක් බවට චෝදනා ...
Jun 03, 2018

''වියත්මග ආර්ථික දර්ශනය කවුරු කලත් සහය දෙනවා'' ගෝඨාභය   Featured

'වියත්මග' විසින් පිලියෙල කල ආර්ථික ක්‍රමය මෙරටේ කවුරු හෝ ක්‍රියාත්මක කරනවා නම් එයට තමන් විරුද්ධ නොවන බව එම සංවිධානයේ ප්‍රධානි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 'ඉරිදා ලංකාදීප' පුවත්පතට එබව පවසා ඇත.

''2030 වනවිට ලෝක ආර්ථිකය වෙනස්වනවා. ඒ ගැන විවිධ විශ්ලේෂණයන් රටවල් විසින් සිදු කරනවා, ඒ අනුව තමයි වියත්මගේ විසින් පිලියෙල කල ආර්ථික ක්‍රමය මම ඉදිරිපත් කලේ'' යයි පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා, ''ඒක මෙරටේ කවුරු හෝ ක්‍රියාත්මක කරනවා නම් ඒකට මම විරුද්ධ වෙන්නේ නැහැ'' යයි අවධාරණය කර තිබේ.

UNP කාබන් කොපියක් ! 

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 'වියත් මග' සමුළුවේ දී එජාප ආර්ථික ප්‍රතිපත්තිය එලිදැවිම ගැන සතුටු බවට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පසුගියදා කල ප්‍රකාශයට පිලිතුරු දෙමින් රාජපක්ෂ මහතා එබව සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාව අගයමින් කියා සිටියේ එහි අන්තර්ගතය එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දැක්ම බවයි.

එම කතාව යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ 2025 දැක්ම' (V 2025) ආර්ථික සැලසුමේ කාබන් කොපියක් බව ඔහු අවධාරණය කළේය. 

Sarathamunugama 670px 09 01 17

ඇමති අමුණුගම, ගෝඨාගේ කතාව ඉහලින්ම අගය කර තිබිණ

මේ අතර 'වියත් මඟ' සංවිධානයේ සමුළුව අමතමින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව, ලංකා ඉතිහාසයේ වැදගත් දේශනයක් බව ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා ද පවසා තිබිණ.
පසුගියදා මල්වතු මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.


සබැඳි පුවත් :

ගෝඨාගේ ‘වියත් මඟ’ දේශනය UNP කාබන් කොපියක් ! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top