අත්අඩංගුවට ගත් මුවමස් ඇතුඑ උපකරණ අත්අඩංගුවට ගත් මුවමස් ඇතුඑ උපකරණ
Jun 03, 2018

අංගම්මැඩිල්ල රක්ෂිතයෙත් මුවෙක් මරලා (ඡායා)

අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ ජීවත් වු මුවෙකු ඝාතනය කර අලෙවිය සදහා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සමඟ යතුරුපැදියක් දියබෙදුම වනජිවි කාර්යාලය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දියබෙදුම ඇළිකිඹුලාව ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුවය.

පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවක් හා ඇළිකිඹුලාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මුවමස් කිලෝ 25ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් කළ පාපොච්චාරණයකට අනුව මේ සත්වයා ඝාතනය කළ ස්ථානය හා තොරතුරු හෙළි කරගෙන ඇති තර පසුව එම ස්ථානයට ගොස් මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුව සහ ඝාතනය කරන ලද මුවාගේ කොටස් සොයාගෙන ඇත.

කෙසේවුවද  වැටලීම කල අවස්ථාවේ එක් සැකකරුවෙකු පලා ගොස් ඇති බවද පැවසේ.

මෙම සැකකරුවන් තිදෙනාම දියබෙදුම ඇළකිඹුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන්ට ඇප

අත්අඩංගුවට පත් සැකකරුවන්  මුව මස්, ගිනි අවිය හා යතුරු පැදිය හිගුරක්ගොඩ දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දනි ඩයස් මහත්මිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එක් පුද්ගලයෙකුට රුපියල් 7,500 බැගින් මුදල් ඇප මත නිදහස් කර තිබේ.
මේ නඩුව ලබන ජුලි 07 වැනිදා යළි කැඳවීමට නියමිතය.

පොළොන්නරුව ප්‍රදේශයභාර වනජිවි සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඩී. එම්.ජේ. වික්‍රමසිංහ මහතාගේ උපදේස් පරිදි  දියබෙදුම වනජිවි කාර්යාලය වන සත්ව අඩවි සහකාර  ඩබ්. කේ. එරන්ද  විජයලක්කොඩි  වන සත්ව නියාමක  ආර්. එම්. ජි. රත්නායක, මහේශ් මුදුන්කොත්ගේ, කේෂත්‍ර සහයක  එම්. එම්. රත්නායක සහ සිවිල් ආරක්ෂක බළකායේ  ඒ. එම්. ලලිතරත්න යන නිළධාරින් මෙම වැටලීමට සහභාගි වි ඇත.

ඩබ්ලිව්. ඒ. පියතිලක - පොළොන්නරුව වාර්තාකරු

dear00001

dear00002

dear00003

dear00004

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top