''බැඳුම්කර වාර්තාව සමග ඉදිරිපත් නොකළ පිටු කිහිපය මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට'' -කතානායක   ''බැඳුම්කර වාර්තාව සමග ඉදිරිපත් නොකළ පිටු කිහිපය මෙම සතිය තුළ පාර්ලිමේන්තුවට'' -කතානායක  
Jun 04, 2018

118කගේ ලැයිස්තුව :  'අම්පාරේ වඳ පෙත්ත වගේ කතාවක්'

මහ බැංකුවේ සිදු වූ වංචාසහගත බැඳුම්කර වෙන්දේසියට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ගේ මුදල් ලබා ගත්තැයි කියන 118 දෙනකුගේ ලැයිස්තුවක් කොහේවත් නැති බවත් එම 118 දෙනා පිළිබඳ ලැයිස්තුව ඇතැයි කියන කතාව අම්පාරේ වඳ පෙත්ත වගේ බොරු කතාවක් බවත් කතානායක කරූ ජයසුරිය මහතා පැවසිය.

බැඳුම්කර ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තුවට ලබාදුන් ජනාධිපති කොමිෂන් වාර්තාව සමග ඉදිරිපත් නොකළ පිටු කිහිපය මෙම සතිය තුළ ලබාදිය හැකි බව නීතිපතිවරයා ප්‍රකාශ කළැයි කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

ඇලෝසියස්‌ මහතා සමග දුරකථන සංවාද පැවැත්වූ කිහිප දෙනකු පිළිබඳ තොරතුරු ඇති බවද ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කී කථානායකවරයා මේ සම්බන්ධව තමන් නීතිපතිවරයා සමග සාකච්ඡා කළ බවද කීවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top