2011 වසරේ සිට ගෙවිය යුතු හිඟ වැටුප් හා උසස්වීම් වසර දෙකකට වැඩි කාලයක් ගෙවී ගොස් තිබියදීත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වීමෙන් ගුරුවරු සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ආකල්පය මනාව පැහැදිලි වන බව එම සංගමය කියා සිටියි.
ලංකාවේ කලාප අධ්‍යාපන කාර්යාල 96 ක ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධ කටයුතු සිදු කෙරෙන අතර, කලාප 11 ක් ඇතුළත් බස්නාහිර පළාතේ ජාතික පාසල්වල හිඟ වැටුප් ගෙවීමට පමණක් අවශ්‍ය මුදල මිලියන 275 කි. මේ අවශ්‍යතාවය දක්වමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මුදල් ඉල්ලා ඇතත් මේ දක්වා එම මුදල් ලබා දී නැත. අනෙකුත් පළාත්වල ද එවැනි තත්වයක් මතු වී ඇති බව එම සංගමය සදහන් කර සිටියි
මේ තත්වය පිළිබඳව ව්‍යාජ ප්‍රකාශ නොකොට කඩිනමින් උසස්වීම් ලබාදී හිඟ වැටුප් ගෙවීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී.