Jun 06, 2018

රංගේ බණ්ඩාරගේ පුතා අනතුරක - කැබ් එක කුඩු (ඡායා/වීඩියෝ)

හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේදී සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

අද (06 දා) අලුයම 12.50 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ යශෝධ රංගේබණ්ඩාර (අවු:25) සහ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් නම් වන අයය.සභාපතිවරයා ප්‍රතිකාර ලබා 06 වැනිදා අලුයම රෝහලින් පිටත්ව ගොස් ඇත.

අනතුරට පත්ව ඇත්තේ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බව පොලිසිය කියයි.අනතුර සිදුවන විට කැබ් රථය පදවා ඇත්තේ රාජ්‍ය ඇමතිවරයාගේ පුතා විසින් බව විමර්ශන වලදී හෙලිවිය.

අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදීම හේතුවෙන් අනතුර සිදුවී ඇති අතර අනතුරින් කැබ් රථයට සහ නිවසටද හානි සිදුවී ඇත.

ආරච්චිකට්ටුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරයි. 

සටහන වීඩියෝ සහ ඡායා - ජුඩ් සමන්ත -පුත්තලම වාර්තාකරු

Range00001

Rangeacci00002

Rangeacci00003

Rangeacci00004

Rangeacci00005

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top