Jun 06, 2018

නාත්තණ්ඩියේදී සුද්දො දෙන්නෙක් කරණමක් ගහයි (ඡායා)

විදේශිකයින් දෙදෙනෙකු කල්පිටියේ සිට කටුනායක දක්වා රැගෙන යමින් තිබූ වෑන් රථයක් නාත්තන්ඩිය ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබේ.
මාදම්පේ - දංකොටුව මාර්ගයේ නාත්තන්ඩිය නගරයට ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.
 
මාර්ගයෙන් ඉවතට පැන ඇති වෑන් රථය දුරකථන කණුවක්ද කඩා ගෙන ගොස් අනතුර සිදුව ඇති අතර අනතුරින් වෑන් රථයේ සිටි විදේශිකයින් දෙදෙනාට සහ රියදුරුට හානියක් සිදුවී නොමැත. නමුත් වෑන් රථයට බරපතල හානි සිදුව තිබේ.මාරවිල පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 
 
සටහන සහ ඡායා -ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු
fAccidant00001
 
fAccidant00002
 
fAccidant00003
 
fAccidant00004
 
fAccidant00005
 
fAccidant00006

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top