Jun 07, 2018

කොවිලේ සල්ලි මාලේ නිසා යාපනේ විරෝධයක්

පසුගියදා යාපනය නගරයට ආසන්නයේ පිහිටි ගණදෙවි කෝවිලක ගණදෙවි රූපය මුදල් නෝට්ටුවලින් අලංකාර කොට  පූජාවක් පවත්වා ඇති අතර එම පූජාවට පොලිසිය හා යාපනයේ ජනතාව විරෝධය පළකොට තිබේ.

කෝවිලේ ගණදෙවි රූපය ආරක්ෂා කොට නොමැතිව තිබියදී ඒ වටා එල්ලා තිබෙන මුදල් නෝට්ටු සියල්ලම සොරුන් විසින් පැහැරගෙන යනු ඇතැයි යන බිය, විරෝධයට හේතු වී ඇත.

රුපියල් 50 සිට 5,000 දක්වා වූ මුදල් නෝට්ටු උපයෝගි කරගෙන ඒවායින් මල්මාලා සකසා ගණදෙවි රූපය අලංකාර කොට පූජාව පවත්වා තිබේ.

යාපනය පොලිසිය කෝවිලේ භාරකරුවන්ට පවසා ඇත්තේ ගණදෙවි රූපය ආවරණය වන පරිද්දෙන් ආරක්ෂක ක්‍රමයක් සකසා ගන්නා තුරු මේ මුදල් නෝට්ටු මල්මාලා සුරැකිව වෙනත් ස්ථානයක තබා ගන්නා ලෙසයි.
එහෙත් මේ දක්වා කෝවිලේ භාරකරුවන් ඊට උනන්දු වී නොමැත.

යාපනයේ කෝවිල්වල තිබූ පින් පෙට්ටි කිහිපයක්ම කඩා මුදල් සොරකම් කිරීම පිළිබඳව නිතර නිතර පැමිණිලි ලැබෙමින් පවතින අතරතුර හොරුන්ට ඉතා පහසුවෙන් මුදල් පැහැරගෙන යා හැකි ක්‍රමයක් සකස් කොට ඇතැයි යාපනයේ වැසියෝ කියා සිටිති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top