Pasidol

Sathosa

Jun 08, 2018

යශෝධ රංගේ රෝහලේදී අත්අඩංගුවට

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (08) ප්‍රකාශ කළේය.

යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය, කොට්ටපිටිය මංසන්දියේදි පසුගිය 06 වනදා අළුයම නිවසකට කඩා වැදීමෙන් බරපතල අනතුරක් සිදු විය.

එහිදී කැබ් රථයට සහ නිවසට බරපතල හානි සිදුවී ඇති අතර යශෝධ රංගේ බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර අත්අඩංගුවට පත්ව තිබේ .

ඒ කැබ් රථය වාරිමාර්ග අමාත්‍යංශයට අයත්බව පවසන අතර පොදු දේපළ සාවද්‍ය ලෙස පරිහරණය, බීමත්ව රිය පැදවීම අතුළු චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

රංගේ බණ්ඩාරගේ පුතා අනතුරක - කැබ් එක කුඩු (ඡායා/වීඩියෝ)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top