Pasidol
Sathosa Ad Final Sinhala
Jun 10, 2018

ජපානයෙන් වාහන ගෙන්වාදෙන බවට කියා මුදල් ගන්නා ජාවාරමක් ! Featured

ජපානයෙන් වාහන ආනයනය කර ලබා දෙන බව පවසා පාර්භෝගිකයින් මුලා කරන ජාවාරම්කරුවන්ට වැට බැදිමට ජපානයේ අපනයනය කරුවන්ගෙන් සැදුම්ලත්  ජපාන ශ්‍රී ලංකා වාහන කරුවන්ගේ සංගමය, ලංකා වාහන අනයනයකරුවන්ගේ සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා කොළඹදී එකගතාවයකට පැමිණ ඇතැයි වාර්තා වේ.
ජපානයෙන් වාහන ආනයනය කර ලබා දෙන බව පවසා  පාර්භෝගිකයින්ගෙන් මුදල් ලබා ගෙන වංචා කරන, අනතුරුවලට ලක්වු වාහන අඩුමිලට ලබාදීම ආදා වංචනික ලෙස  මුලා කරන  ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස එම සංගමය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
 
ජපානයේ අපනයනය කරුවන්ගෙන් සැදුම්ලත් ජපාන ශ්‍රී ලංකා වාහන කරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මිගල්ල මහතා හා ලංකා වාහන අනයනයකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මිරිංචිගේ මහතා  සහ  සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පිරිස් යන මහතුන් විසින් ආදාළ එකගත්වයට පැමිණ තිබේ'
 
ඒ අනුව වගකිමක් සහිත නවීන වාහන සිය සංගමයේ සමාජිකයින් ශ්‍රී ලංකාවේ ලංකා හා ශ්‍රී ලංකා වාහන ආනයනය ආනයනකරුවන්ගේ සංගමයේ සමාජිකයින්ට පමණක් ලබා දෙන බව එම සංගමයේ සභාපති නිශාන්ත මිගල්ල මහතා පැවසීය.
 
සිය සංගමයේ සමාජිකයින් ජපානයෙ ශ්‍රී ලංකා වාහනකරුවන්ගේ සංගමයේ සමාජිකයිනිගෙන්  වගකිමක් ඇතිව මෙරටට ආනයනකරනු ලබන වාහන විශ්වාශයෙන් මෙරට පාරිභෝගිකයින්ට මිලදී ගැනිමේ අවස්ථාව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මිරිංචිගේ මහතා සදහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top