Jun 11, 2018

ශ්‍රීලනිප 16 කණ්ඩායම හා ගෝඨා අතර හමුවක් Featured

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට (12) දිනයේ පැවැත්විමට නියමිතය.

ඉදිරි දේශපාලන සැළසුම් හා ආණ්ඩු විරෝධී ජනමතයක් ගොඩ නැඟීම ගැන සාකච්ඡා කිරිම මෙම හමුවේ ප්‍රධාන අරමුණ බව 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා සඳහන් කළේය.


මෙම හමුව පැවැත්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින මිරිහාන නුගේගොඩ පිහිටි නිවසේදීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top