Pasidol
Sathosa Ad Final Sinhala
Jun 11, 2018

ඇලෝසියස්‌ගෙන් මුදල් ගැනීම: දයාසිරි අද සීඅයිඩීයට !

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් රුපියල් මිලියනයක්‌ ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (11 දා) දින ප්‍රශ්න කිරීමට නියමිතය.

මෙම මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට ඉහතදී දයාසිරි ජයසේකර මහතාට දැනුම් දීමක්‌ කර තිබුණි. 

ඒ අනුව අද පෙරවරුවේ තමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව ජයසේකර මහතා කීවේය.

අර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් රුපියල් දසලක්‍ෂයකට අදාළ මුදල් චෙක්‌පත තම ආරක්‍ෂක නිලධාරියා ලවා මාරුකර ගත් බවද දයාසිරි ජයසේකර මහතා වෙත චෝදනා එල්ල වී ඇත.

අර්ජුන් ඇලෝසියස්‌ මහතා මෙම මුදල් ලබාදුන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවෙන් ලබාගත් මුදල්වලින්ද යන්න පිළිබඳව මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top