Pasidol
Sathosa
Jun 11, 2018

ජවිපෙ නලින්ද, මෛත්‍රීට එරෙහිව නඩුමගට

තමන් සම්බන්ධයෙන් බොරු ප්‍රචාර ගෙනයන මෛත්‍රී ගුණරත්න මහතාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අද (09) රාත්‍රී ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවල පලවූ මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කර තිබේ.

“මා විසින් මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතා හරහා ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව මෛත්‍රී ගුණරත්න විසින් කරන ප්‍රකාශය පිළිබඳව…

ඇලෝසියස්ගෙන් මුදල් ලබාගැනීම පිළිබඳ කරුණු සහිතව හෙළිදරව් වූ අය දැන් ඒ චෝදනා අන් අය මත පටවා, තමන්ට එල්ලවී ඇති චෝදනා නොමග යැවීම සඳහා පසුගිය දින කිහිපය පුරා උත්සාහ කරණු ලැබීය. මේ “මෛත්‍රීගේ” හඬ පිටුපස සිටින පුද්ගලයා කවුදැයි හඳුනාගැනීම අපට අපහසු නැත.

මේ පිළිබඳව මෛත්‍රී ගුණරත්නට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමි.

කප්පරක් දූෂණයේ යෙදෙමින් මුළු සමාජයම ගඳගස්වන මෙවැනි පුද්ගලයන් පිළිබඳව තීරණ ගැනීම ජනතාවට බාර කරමි.” යැයි ඒ මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.

Nalinda Jayathissa FB

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top