Jun 11, 2018

හබරාදුවේ ගුරුවරුන්ටත් පාඩමක්

අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරයා විසින් අහංගම කතළුව විද්‍යාලයේ පවතින ගුරු පුරප්පාඩු වෙනුවෙන් යොදවා ඇති ගුරුවරු මෙතෙක් සේවයට වාර්තා නොකිරිම සම්බන්ධයෙන් වහාම විනය පරික්ෂණයක් සිදු කරන මෙන් හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්විමේ සම සභාපති නිතිඥ තාරක නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා එසේ පැවුසවේ, අද (11 දා) හබරාදුව සම්බන්ධිකරණ රැස්වීම, හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති අවස්ථාවේය.

කතළුව ජාතික පාසලේ පවතින ගුරු පුරප්පාඩු 14ක් වසර ගණනාවක සිට පවතී.ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරු මාරු අධ්‍යක්ෂවරයා විසින් මෙම පාසලට ගුරුවරුන් 05 ක් යොමු කර තිබේ. නමුත්, එම ගුරුවරුන් මෙතෙක් සේවයට වාර්තා කර නොමැත. මේ සම්බන්ධයෙන් වහාම විනය ක්‍රියාමාර්ග ගන්න යැයි නිතිඥ තාරක නානායක්කාර මහතා පවසා සිටි අතර හබරාදුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.ඩබ්ලිව්.ජී සහබන්ධු මහතා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බව බව කියා සිටියේය.

සුනෙත් ගාල්ලගේ - ගාල්ල වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top