Sathosa

''අපේ 16 දෙනාගේ කණ්ඩායම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයේ ඉන්න ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්නේ කොහොමද කියන කාරණය'' - ඩිලාන් පෙරේරා ''අපේ 16 දෙනාගේ කණ්ඩායම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයේ ඉන්න ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්නේ කොහොමද කියන කාරණය'' - ඩිලාන් පෙරේරා
Jun 11, 2018

''අපේ අරමුණ මහින්ද අගමැති කරවීමයි''- ඩිලාන්

අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැමත්ත ලබා ගැනීමේ කාර්යය සිදු කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය බවත් ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

බදුල්ලේ සිය නිවසේදී අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අපේ 16 දෙනාගේ කණ්ඩායම කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයේ ඉන්න ගමන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න ඕන කියන කාරණයේ. එතකොට ඔය එක එක සාත්තර කාරයන්ගේ කීම අහලා එක එක අගමැති සිහින මවාගෙන ඉන්න හාල්පාරුවන්ටත් දැනෙයි ඇත්තටම අගමැති විය යුත්තේ කව්ද කියලා.

ඇත්තටම අගමැති විය යුත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ඒ කාරණය කරන්න මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කාලයේම එතුමා කැමති කරවා ගැනීමේ කාර්යය තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය“යැයි ඔහු පැවසීය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top