Pasidol
Sathosa Ad Final Sinhala
Jun 13, 2018

සමෘද්ධි පවුල් ලක්ෂ 14ට තවත් ලක්ෂ එකහාමාරක් එක්වේ ! Featured

සමෘද්ධි සහන ලැබීමට ලැබීමට යෝග්‍යය යයි හඳුනාගෙන ඇති එහෙත් දැනට සමෘද්ධි ප්‍රතිලාභ නොලබන උතුරු නැගෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කරනු ලැබ ඇති පවුල් හා ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල ජිවත්වන අඩු ආදායම් ලාභී පවුල් රාශියක් සඳහා සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අදාල ප්‍රදේශවල දිස්ත්‍රීක් ලේකම්වරුන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශ සහිතව සමෘද්ධි ප්‍රතිලාභ හිමිවිය යුතු තවත් අඩු අදායම් ලාභී පවුල් 1,50,000ක් සඳහා මෙම සහනය ලබාදීමට ඊයේ (12) පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබේ.

සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙල යටතේ මේවනවිට පවුල් 14,22, 557කට ප්‍රතිලාභ හිමිවන අතර එක් පවුලක් වෙනුවෙන් රජය මාසිකව රුපියල් 1500ත් 5000ත් අතර මුදලක් වැයකරයි. එසේම එම පවුල් සම්බන්ධීකරණය සඳහා සමෘද්ධි නිලධාරීන් 29,000කට වැඩි පිරිසක් සේවයේ යොදවා ඇත.

රජය මෙම දිළිඳු සහන ව්‍යාපෘතිය වෙනුවෙන් 2018 අයවැයේදී වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 42කි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top