Pasidol
Sathosa Ad Final Sinhala
Jun 13, 2018

යාපනේ සැරිසරන කුකුළෙක් අතින් ගත් යක්ෂයා

යාපනයේ පළාත් කීපයක වැසියන් යළිත් වරක්‌ අමනුෂ්‍ය බියකින් පෙළෙන බව වාර්තාවේ.

මෙවර යාපනයේ වැසියන් මුහුණදී සිටින්නේ මීට පෙර පැවති භූත උවදුරකට නොව 'යක්‌ෂ' උවදුරකටය.


මේ අද්භූත යක්‌ෂයාගේ එක්‌ අතක පණපිටින් ලේ වැගිරෙන කුකුළකු සිටින අතර අනෙක්‌ අතේ ද ලේ තැවරී ඇති බව යාපනයේ වැසියන් කියා සිටී.

මුලදී යක්‌ෂයා දුටු පිරිස යාපනයේ සෙසු අයට මේ යකා ගැන පවසන ලද අවස්‌ථාවේදී ඔවුන් අවඥාවට ලක්‌කළ නමුත් යක්‌ෂයා දුටු අයකු යාපනයේ ජනමාධ්‍ය වෙත යක්‌ෂයාගේ ඡායාරූප කීපයක්‌ ඉදිරිපත් කිරීමෙන් පසුව එම යකා ඊට පෙර දුටු පිරිස ද පවසා ඇත්තේ තමන් දුටුවේ ද මේ යක්‌ෂයාම බවයි.

මුහුණ යාන්තමට දැකිය හැකි නමුත් එය ඉතා පැහැදිලිය. හඳුනාගත නොහැකි මේ යක්‌ෂයා සුදු වස්‌ත්‍රයක්‌ මුළු ඇඟපුරාම දවටාගෙන සිටින උස පුද්ගලයකු බව යාපනයේ වැසියෝ පවසති.

පිරිස යක්‌ෂයා දැක ඇත්තේ අලුයම එකෙන් පසුවය.

කෙසේ වෙතත් මේ යක්‌ෂ කතාව නිසා මුලදී බියට පත් නොවූ යාපනයේ ජනතාව යක්‌ෂයාගේ ඡායාරූප දැකගැනීමට ලැබීමෙන් පසුව බොහෝ සෙයින් බියට පත්ව තිබේ.

යළිත් පෙර භූත උවදුර පැවති සමයේදී මෙන් රාත්‍රි කාලයට කවුරුන් කතා කළත් දොරවල් නොඅරින තත්ත්වයටත්, රාත්‍රි කාලයට ගමන් බිමන් නොයැමටත් දැන් යාපනයේ ජනතාව පුරුදු වී සිටිති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top