Pasidol
Sathosa Ad Final Sinhala
Jun 13, 2018

භක්තිය බැකෝ කර වේල් කරත්තය ඇදුණු හැටි

යාපනයේ මිරුසවිල් හින්දු කෝවිල ඇතුළු කෝවිල් කීපයක මෙවර වාර්ෂික මංගල්‍යවලදී වේල් කරත්තය ඇදීම පිණිස බැකෝ යන්ත්‍ර භාවිත කිරීම පිළිබඳව හින්දු බැතිමත්හු කෝවිල් භාරකරුවන්ට අපුසාදය පල කර සිටී.

දැඩි දේව භක්‌තියකින් ජීවත්වන හින්දු බැතිමතුන් වාර්ෂිකව සිය කෝවිලේ වේල් කරත්තය අදිනු ලබන්නේ බැතිමතුන්ගේම කරෙනි.

ඒ ඒ පළාත්වල සිටින යුද හමුදා සාමාජිකයෝ වේල් කරත්තය අදින දිනයට ඉතා භක්‌තියෙන් යුතුව කෝවිල් වෙත ගොස්‌ හින්දු බැතිමතුන් සමඟ එක්‌ව වේල් කරත්තය අදිති.

ශරීර සවි ශක්‌තියෙන් යුත් යුද හමුදා සාමාජිකයන් වේල් කරත්තය ඇදීමට හවුල්වීමේදී දේව කාර්යය ඉතාම පහසුවෙන් කරගැනීමට හැකියාව ලැබෙන නිසාවෙන් හින්දු බැතිමතුන් යුද හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයද අගය කරයි.

මෙවර යුද හමුදා සාමාජිකයන්ට ආරාධනය නොකොට යාපනයේ මිරුසවිල් හින්දු කෝවිලේ භාරකරුවෝ බැකෝ යන්ත්‍රයක්‌ රැගෙනවිත් ඒ ආධාරයෙන් කෝවිලේ වේල් කරත්තය ඇද දේව පූජාව අවසන් කළ අතර වේල් කරත්තය ඇදීම සඳහාම භාර වූ පිරිස මේ ක්‍රියාවේදී කෝවිලේ භාරකරුවන්ට දොස්‌ නැඟූහ.

පසුව බොහෝ බැතිමතුන් කෝවිලේ වේල් කරත්තය ඇදීමේ ක්‍රියාව නවතා දමා බලාපොරොත්තු සුන්ව එම අවස්ථාවෙන් ඉවත්විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top