Pasidol

Sathosa

Jun 13, 2018

සංඝයාට ඉඩ නොදුන් දොස්තර බස් එක පොලිසි යවයි

මගී බස්‌ රථයක වෙන්කර තිබූ ආසනයක වාඩිවී සිටි වෛද්‍යවරයෙකු, බස්‌ රථයට ගොඩවූ සංඝයා වහන්සේලා පිරිසකට එම ආසනය ලබානොදී මගීන් ඉදිරිපස සිය දේශපාලන හයිය පෙන්වා මගීන්ද සමග බස්‌ රථය පොලිසිය වෙත රැගෙන යාමේ පුවතක්‌ වාර්තා වේ.

වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

කොළඹ-බිබිල මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී බස්‌ රියක පූජ්‍ය පක්‍ෂයට වෙන්කර තිබූ ආසනයද මගීන්ගෙන් පිරී පැවත ඇත.

වරකාපොළ ප්‍රදේශයේදී සංඝයා වහන්සේලා තුන් නමක්‌ බිබිල නගරය වෙත යාමට ඊට ගොඩවී ඇති අතර සංඝයා වහන්සේලාට හිමි ආසනය ලබාදීමට එහි වාඩිවී සිටි පිරිසක්‌ කැමැත්ත පළ කළද එහි සිටි වෛද්‍ය අධිකාරිවරයකු යෑයි කියාගත් අයෙකු ක්‍රියා නොකිරීම නිසා ඊට මැදිහත් වූ කොන්දොස්‌තරවරයා සංඝයා වහන්සේලාට හිමි ආසනය ලබාදෙන ලෙස ඔහුගෙන් කාරුණික ඉල්ලීමක්‌ කර ඇත්තේ එය සිදුවිය යුත්තක්‌ බව එත්තු ගන්වමිනි.

එහෙත් ආසනය දීම ප්‍රතික්‍ෂේප කළ හෙතෙම කොන්දොස්‌තර සමග පැටලී සිය අයිතිවාසිකම් පිළිබඳවද පවසා ඇත.

දෙපිරිස අතර ඇතිවූ කතා බහ බැණ ගැනීමක්‌ දක්‌වා දුර දිග ගොස් ඇති අතර එහි සිටි රෝහල් වෛද්‍ය අධිකාරීවරයා ලෙස හඳුන්වාගත් පුද්ගලයා සිද්ධියට විරෝධය පාමින් මහනුවර නගරයෙන් බැස ගොස් ඇත.

අනතුරුව හෙතෙම ඒ පිළිබඳ සිය දේශපාලන ඥතියෙකුටද ඒ බව දුරකථනයෙන් දැන්වීමට ක්‍රියා කර ඇත. එම දේශපාලකයාගේ දැනුම්දීම මත අදාළ බස්‌ රථය මගීන්ද සමග මහියංගන පොලිසිය වෙත කැඳවා ඇත.

මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ. පසුව මහියංගන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක චන්දන විඡේසේකර මහතා මැදිහත්ව සිද්ධිය සමතයකට පත්කර තිබේ.

 

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top