Pasidol

Sathosa

Jun 13, 2018

දකුණේ ඉන්ෆ්ලුවෙන්සා තවත් පළාත්වල පැතිරෙයි

දකුණේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය දිවයිනේ අනෙකුත් පළාත්වලටද මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් මේ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් වසංගත රෝග විද්‍යා අංශයේ හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.

දැනටමත් බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන්ද ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන් කීපදෙනකු හමුවී ඇතැයිද ඇය සඳහන් කළාය.

තවදුරටත් අදහස්‌ දක්‌වමින් විශේෂඥ වෛද්‍යවරිය මෙසේද කියා සිටියාය.

"දකුණේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් තවත් වාර්තා වෙනවා. ගාල්ලේ දැන් යම් තරමකට අඩුයි. මේ වන විට මෙම රෝගය දිවයිනේ අනෙකුත් පළාත්වලටත් පැතිරයමින් තිබෙනවා. මේ පිළිබඳව මහජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතුයි. සෙනඟ වැඩිපුර ගැවසෙන තැන්වල වැඩි වේලාවක්‌ රැඳෙන්න එපා. දරුවන් පරිස්‌සම් කරගන්න".

උණ, කැස්‌ස, උගුරේ වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම වැනි රෝග ලක්‍ෂණ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේදී මතුවන බැවින් මෙවැනි රෝග ලක්‍ෂණ යම් පුද්ගලයෙකුට පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන ලෙසද විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්‍ෂණ ඇත්නම් ඉක්‌මන් සුවය සඳහා විවේක ගැනීම, බිත්තර, මාළු, මස්‌, කරවල, කඩල, පරිප්පු වැනි පෝෂ්‍යදායි ආහාර කෑම වේලට එක්‌කර ගැනීම කැඳ සුප්වැනි දියර වර්ග පානය, ළදරුවන්ට දිගටම මවුකිරි දීම ආදිය සිදුකරන ලෙසද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top