Pasidol
Sathosa Ad Final Sinhala
Jun 13, 2018

කිරිවෙහෙර නාහිමි ගුවනින් කොළඹට

වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොඹවක ධම්මින්ද හිමි වැඩිදුර ප්‍රතිකාර සඳහා අද(12) සවස ගුවනින් කොළඹ ජාතික රෝහලට රැගෙන ඒමට නියමිතව ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ ධම්මින්ද හිමි සහ අනෙක් ස්වාමීන් වහන්සේ මේ වන විට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඊයේ (12) රාත්‍රී 10.50ට පමණ ජීප් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විහාරාධිපති හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා පළාගොස් තිබු අතර එහිදී විහාරධිපති හිමියන්ගේ උදරයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර අනෙක් ස්වාමීන් වහන්සේගේ පාදයකට වෙඩි වැදී තිබුණි.

තුවාල ලැබූ විහාරාධිපති හිමියන් හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා පැවසීය.

මේ අතර වෙඩි තැබීම සිදුකල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

පොලිස් කණ්ඩායම් 04 ක් සහ පොලිස් විශේෂ කාර්යා බලකා නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා යොදවා ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් පළා ගිය බව කියන ජීප් රථය පොලිසිය විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top