Pasidol
Sathosa Ad Final Sinhala
Jun 13, 2018

ජනපති ගෙන් උතුරු නැඟෙනහිරට විශේෂ කමිටුවක්

උතුරු හා නැගෙනහිර පළාත්වල සංවර්ධන වැඩසටහන් මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස කාර්යසාධක බලකායක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

උතුරු නැගෙනහිර පළාත්වල පැවති ගැටුම්කාරී තත්වය නිමා වීමෙන් අනතුරුව, එම පළාත්වල සමජ හා ආර්ථික සංවර්ධනය උදෙසා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇතත්, එම පළාත්වල ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම පිණිස එම ව්‍යාපෘති මඟින් ප්‍රමාණවත් බලපෑමක් සිදුව ඇති බවක් නිරීක්ෂණය නොවේ.

එබැවින්, රජයේ විවිධ ආයතන විසින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සමාලෝචනය, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පසුවිපරම් කිරීම පිණිස සිය සභාපතීත්වය යටතේ සහ අග්‍රාමාත්‍යවරයා, පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, සන්නද්ධ හමුදාවන්හි හා ශ්‍රී ලංකා පොලිසියේ එකී පළාත් භාර නිලධාරීන් සහ අනෙකුත් අදාළ සියලුම පාර්ශවයන්ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් පත් කිරීමට පියවර ගෙන ඇති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top