Pasidol
Sathosa Ad Final Sinhala
Jun 14, 2018

ක්‍රීඩා ඇමතිගෙන් නිලවරණ ඉල්ලූ ලිපියට ක්‍රිකට් සංගම් ඇතුලේ ගැටුම් ! Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 58 වැනි මහා සභාව සහ ක්‍රිකට් නිලවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම් ප්‍රධානීන්ගේ අත්සන් තබා සැකසූ ලියවිල්ලට ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම් කිහිපයක ලොක්කන් ඒවායේ නිලධාරීන්ට නොදන්වා අත්සන් තැබීමට විරෝධයක් මතුව ඇතැයි වාර්තා වේ.

ඇතැම් ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම්වල නිලධාරීන් අදාළ කටයුත්තට විරෝධය දක්වා මේවන විට එම ක්‍රිකට් ක්‍රීඩා සමාජ සහ සංගම්වල තනතුරුවලින් ඉවත්ව ඇති බවද පැවසේ.

කෙසේවුවද, ලංකාවේ ප්‍රධානම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන එස්.එස්.සී. ක්‍රීඩා සමාජය මේ ලියවිල්ලට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ එම ක්‍රීඩා සමාජයේ විධායක කමිටුවේ හෝ අවසරයක් නොගෙන එම ලිපියට අත්සන් තැබිය නොහැකි බව දන්වමිනි.

එසේ යවන ලද ලිපිය පහත දැක්වේ.

CK00001

CK00002

CK00003

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top