Sathosa

Jun 14, 2018

ජනපති ග්‍රාමශක්ති ප්‍රගතිය බලන්න පුත්තමෙ යයි (ඡායා)

කල්පිටිය ආශ‍්‍රිත දූපත් 13 ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා ඊයේ (13 දා) උපදෙස් ලබා දුන්නේය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ වයඹ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ දී පැවති අවස්ථාවේදීය.

ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවති මෙම මෙහෙයුම් කමිටුවේදී ග්‍රාමශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහිදී ජනාධිපතිතුමා අදාළ ප‍්‍රදේශවල ජනතාවගේ සංවර්ධන ගැටලු සඳහා නිසි සැලැසුම් ඉදිරිපත් කරන ලෙස පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා වෙත උපදෙස් දුන්නේ ය.

එමෙන්ම ප‍්‍රදේශයේ ගොවි ඉඩම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම හේතුවෙන් ගොවීන් මුහුණදී සිටින ගැටලුකාරි තත්ත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. එහිදී ජනාධිපතිතුමා ගොවි ජනතාවට බාධාවකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට හැකිවන අන්දමින් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ප‍්‍රදේශයේ කිරි නිෂ්පාදනය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලු කෙරෙහිද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසඳා කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා විධිමත් වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳවද නිලධාරීන් දැනුවත් කෙරිණි.

එමෙන්ම පලතුරු වගාවේදී පලතුරු මිල පහළ යන අවස්ථාවලදී එම ගොවින්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම වෙනුවෙන් කාගිල්ස් ආයතනය සහ වෙනත් පුද්ගලික සමාගම් සමග සාකච්ඡා කර එම නිෂ්පාදන මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් කෙරෙහිද අවධානය යොමු විය.

එමෙන්ම පලතුරු විජලනය කර කල් තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ශීතාගාර පහසුකම් සඳහා දැනට තිබෙන බදුවලට සහන ලබාදීමට මුදල් අමාත්‍යාංශය සහ රේගුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඉස්සන් සහ ලුණු කර්මාන්තය ආශ‍්‍රිතව මතුවී තිබෙන ගැටලුවලදී එම කර්මාන්ත සිදුකරන ඉඩම්වල බදු අයිතිය ගොවි ජනතාව වෙත ලබාදෙන ලෙස කළ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ඒ අනුව ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විශේෂ කමිටුවක් පත් කර අදාළ වාර්තාව කඩිනමන් තමා වෙත ලබාදෙන ලෙසයි.

පළාතේ පොල් ඉඩම් කට්ටි කිරිම තහනම් කිරීමට රජය පසුගියදා ගත් තීරණය ක්‍රියාත්මක වන අන්දම පිළිඳව ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසීය.

ග‍්‍රාමශක්ති වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනා දේශපාලන භේදයකින් තොරව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා සියලූදෙනා වෙත පෙන්වා දුන්නේය.
වයඹ සියලූම පළාත් පාලන ආයතනවල සභාපතිවරු මෙම කමිටු රැස්වීමට එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර පොදුජන පෙරමුණු නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් ද ඒ අතර වූහ.

එහිදී ඔවුන් කියා සිටියේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියාත්මක වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි.

මේ අතර පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරුන්ට ග්‍රාමශක්ති ජනතා සමිති සදහා ලබාදෙන ප්‍රතිපාදනවල පළමු වාරිකය ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග වගාකරන ග්‍රාමශක්ති ජනතා සමිතිය සහ සි/ස කාගිල්ස් සමාගම අතර එම නිෂ්පාදන මිලදී ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි.

වයඹ සියලූම පළාත් පාලන ආයතනවල සභාපතිවරු මෙම කමිටු රැස්වීම සදහා එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර පොදුජන පෙරමුණු නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් ද ඒ අතර වූහ.

අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, එස්.බී. නාවින්න, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරින් මේ සදහා එක්ව සිටියහ.

ඡායා- මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙන්

35285821 10156198954331327 8721048304185507840 n

35360729 10156198959171327 6151435015268859904 n

35279878 10156198955606327 1814929630260363264 n

35266437 10156198957861327 372625439841058816 n

35191362 10156198957641327 7380959323184168960 n

35237992 10156198958536327 3988543975253344256 n

35239702 10156198956691327 6551091703665655808 n

35265244 10156198962836327 9010940587867635712 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top